Watch : ජෙෆ්රි වැන්ඩර්සේ දවා ගත් කඩුලු 3

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මේ වන විට චරිත් අසලංක නායකත්වය දරන SLC Blues කණ්ඩායම හා දසුන් ශානක නායකත්වය දරන SLC Greens කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ප්‍රබල පිතිකරුවන් කිහිප දෙනෙකුම ක්‍රීඩා කරන Blues කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 3කටත්, සධීර සමරවික්‍රම එක් ලකුණකටත් දැවී ගියා.

නායක චරිත් අසලංක ලකුණු 23 ක් ලබා ගත්තේ පන්දු 14 කින්. ධනංජය ද සිල්වා ලකුණු 14 කට දැවී ගියා. චාමික කරුණාරත්නට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

සුමින්ද ලක්ෂාන් ලකුණු 10 කට දැවී ගිය අතර, කසුන් රාජිත ලකුණු 19 ක් රැස් කළා.

අශේන් බණ්ඩාර පන්දු 34 කින් ලකුණු 37 ක් නොදැවී ලබා ගනිමින් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...