බුම්රා නොමැතිව ආසියානු කුසලානය සදහා ඉන්දීය සංචිතය නිවේදනය කෙරේ

Date:

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(8) රාත්‍රියේ නිවේදනය කෙරුණා.

රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

එමෙන්ම ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල්ට ද මෙම තරගාවලිය අහිමි වී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් විවේක ගැන් වූ හිටපු නායක විරාට් කෝලි ආසියානු කුසලාන තරගාවලියට නම් කර ඇති අතර, ආබාධයකට ලක් වී පසුව කොවිඩ් 19 ද ආසාදනය වූ කේ.එල් රාහුල් ද යළි සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

ඉන්දීය සංචිතයට ඇතුළත් ප්‍රධාන වේග පන්දු යවන්නන් වන්නේ බුවනේෂ්වර් කුමාර්, අර්ශ්දීප් සිං හා අවේෂ් ඛාන්.

දීපක් හූදා හා රවී බිෂ්නෝයි ද සංචිතයේ ස්ථාන රැක ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

ෂ්රෙයස් අයියර්, අක්සාර් පටෙල් හා දීපක් චහාර් අතිරේක ක්‍රීඩකයින් ලෙස ද ආසියානු කුසලාන තරගාවලියට නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ලබන 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

අවස්ථා 7කදී ආසියානු කුසලානය ජය ගෙන ඇති ඉන්දියාව මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කරන පළමු තරගය ලබන 28 වැනිදා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

India squad for Asia Cup 2022 :

Rohit Sharma (C), KL Rahul (VC), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, R Pant (wk), Dinesh Karthik (wk), Hardik Pandya, R Jadeja, R Ashwin, Y Chahal, R Bishnoi, Bhuvneshwar Kumar, Arshdeep Singh, Avesh Khan.

Standbys :

Shreyas Iyer, Axar Patel, Deepak Chahar

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...