කොදෙව්වන්ට තවත් දරුණු පරාජයක් ; ඉන්දියාවට තරග 4-1 ක තරගාවලි ජයක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට 5 වැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ද දරුණු පරාජයක් අත්කර දෙමින් 20යි 20 තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

අමෙරිකාවේ ෆ්ලොරිඩාහි Lauderhill හී දී පැවැති අවසන් 20යි 20 තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ හර්ඩික් පාන්ඩ්යා තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඉන්දීය ඉනිම ආරම්භ කළේ ඉෂාන් කිෂන් සමගින් ෂ්රෙයස් අයියර්. කිෂන් ලකුණු 11කට දැවී ගිය අතර, අයියර් ලකුණු 64 ක් ලබා ගත්තේ පන්දු 40 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

දීපක් හූදා ලකුණු 38 ක් ද, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 28 ක් ද රැස් කළා. සංජු සැම්සන් ලකුණු 15 යි.

අකුණු ගැසීමේ අවධානමක් හේතුවෙන් ඉන්දීය ඉනිම අතරවාරයේ දී තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු වුණා.

පන්දු යැවීමේ දී ඔඩියන් ස්මිත් ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 15.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 100 ක් පමණයි.

ශිම්රන් හෙට්මයර් පන්දු 35 කින් ලකුණු 56 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

ශමා බෘෘක්ස් ලකුණු 13 ක් හා ඩෙවෝන් තෝමස් ලකුණු 10 ක් රැස් කළ නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි පන්දුවාර 2.4 ක් තුළ ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. අක්සාර් පටෙල් හා කුල්දීප් යාදව් අතරේ ද කඩුලු 3 බැගින් බෙදී ගියා.

ඒ අනුව මෙම තරගයෙන් ඉන්දියාවට ලකුණු 88 ක ජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...