අවසන් සටනෙන් ඉන්දියාව පැරද වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් රන් පදක්කම දිනා ගනියි

Date:

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ, මෙරට වේලාවෙන් අද (8) අලුයම නිමා වූ අවසන් මහා තරගයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 9කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8 ක් දැවී ලකුණු 161 ක් ලබා ගත්තා.

බෙත් මූනි පන්දු 41 කින් ලකුණු 61 ක් ලබා ගත් අතර, නායිකා මැග් ලෙනින් ලකුණු 36 (26) යි.

පන්දු යැවීමේ දී Renuka Singh හා Sneh Rana කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

නායිකා හර්මන්ප්‍රීට් කොවුර් පන්දු 43 කින් ලකුණු 65 ක් වාර්තා කළා. Jemimah Rodrigues ලකුණු 33 (33)යි.

පන්දු යැවීමේ දී Ashleigh Gardner කඩුලු 3 ක් ද, Megan Schutt කඩුලු 2ක් ද බිද හෙලුවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනා ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...