සත්කාරක පිල පරදා නවසීලන්තය ලෝකඩ පදක්කම දිනා ගනියි

Date:

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීම වෙනුවෙන් අද පැවැති තරගයේ දී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 110 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 11.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගාවලියේ රන් පදක්කම සදහා වන අවසන් මහා තරගය ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...