නවසීලන්තය පරාජයට පත් කළ ඔස්ට්‍රේලියාව අවසන් සටනට

Date:

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ, මෙරට වේලාවෙන් අද (7) අලුයම නිමා වූ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 144 ක් රැස් කළා.

ඔස්ට්‍රේලියාව සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19.3 ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී සිටියදීයි.

ඒ අනුව තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ද, ලෝකඩ පදක්කම සදහා වූ තරගය නවසීලන්තය හා එංගලන්තය අතර ද අද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...