ඉන්දියාව 20යි 20 තරගාවලියේ ජය අමෙරිකාවේ දී තහවුරු කර ගනියි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 59 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

අමෙරිකාවේ ෆ්ලොරිඩා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක නිකලස් පූරාන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබා ගත්තා.

රිෂාබ් පාන්ට් පන්දු 31 කින් ලකුණු 44 ක් රැස් කළ අතර, නායක රෝහිට් ෂර්මා ලකුණු 33(16) යි. සංජු සැම්සන් නොදැවී ලකුණු 30(23) ක් ද, සූර්යකුමාර් යාදව් ලකුණු 24(14) ක් ද ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඔබෙඩ් මැකෝයි හා අල්සාරි ජෝසප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 132 ක් පමණයි.

නායක පූරාන් හා රොව්මන් පවෙල් ලකුණු 24 බැගින් රැස් කළ අතර, ශිම්රන් හෙට්මයර් ලකුණු 19 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 12 කට කඩුලු 3ක් දවා ගත්තා. අවේෂ් ඛාන්, අක්සාර් පටෙල් හා රවී බිෂ්නෝයි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව මේ වන විට ඉන්දියාව තරග 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර, දෙරට අතර පැවැත්වෙන අවසන් 20යි 20 තරගය අද(7) මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ෆ්ලොරිඩාහී දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...