ඉන්දියාව රන් පදක්කමේ සටනට සුදුසුකම් ලබයි

Date:

එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම සදහා වන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද(6)  සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය ලකුණු 4 කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් ලබා ගත්තා.

ස්ම්රිටි මන්ධනා පන්දු 32 කින් වේගවත් ලකුණු 61 ක් රැස් කරමින් ඉන්දියාවට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නා.

Jemimah Rodrigues නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තේ පන්දු 31 කින්.

පන්දු යැවීමේ දී Freya Kemp කඩුලු 2ක් දවා ගත් අතර, Katherine Brunt හා Nat Sciver අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

නායිකා Nat Sciver ලකුණු 41 ක් ලබා ගත් අතර, Danni Wyatt ලකුණු 35 කටත්, Amy Jones ලකුණු 31 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී Sneh Rana කඩුලු 2ක් ද, Deepti Sharma එක් කඩුල්ලක් ද බිද හෙලුවා. එංගලන්ත ඉනිමේ දී දුවද්දී දැවී යාම් 3ක් වාර්තා වීම කැපී පෙනුණා.

දෙවැනි අවසන් පූර්ව තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රියේ දී පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...