අයර්ලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
එංගලන්තයේ බ්‍රිස්ටල් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.
රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 42 ක් රැස් කළ අතර, හෙන්රික් ක්ලාසන් ලකුණු 39 ක් වාර්තා කළේ පන්දු 16 කින්. ක්ලාසන්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.
නායක ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 32 (20) ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහරක් සමගින්.
හයේ පහර 3ක් හා හතරේ පහරක් සමගින් පන්දු 10කින් ලකුණු 27 ක් ලබා ගැනීමට ඒඩ්න් මාක්රම් සමත් වුණා.
පන්දු යැවීමේ දී Gareth Delany ලකුණු 24 කට කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 138 ක් පමණයි.
Harry Tector ලකුණු 34 (31) ක් , Barry McCarthy ලකුණු 32 (19) ක් හා නායක පෝල් ස්ටර්ලින්ග් ලකුණු 28 (16) ක් රැස් කළා.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වේන් පාර්නෙල් ලකුණු 30 කට කඩුලු 5 ක් බිද හෙලුවා. ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 33 කට දවා ගත් කඩුලු ගණන 3ක්.

