බංග්ලාදේශයට එරෙහිව අද(5) ආරම්භ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම Regis Chakabva ට පැවරී තිබෙනවා.
නිත්‍ය නායක ක්‍රෙයිග් අර්වින් ආබාධ කිහිපයකට ලක්ව ඇති බැවින් ඔහුට මෙම තරගාවලිය අහිමි වීම හේතුවෙනුයි Chakabva එරට එක්දින කණ්ඩායම මෙහෙයවීම සදහා පත් කර ඇත්තේ.
පෞද්ගලික හේතුවක් මත තුන් ඉරියව් ක්‍රීඩක ශෝන් විලියම්ස් ද මෙම තරගාවලිය සදහා එක් නොවීමට තීරණය කර ඇති බවත්, ඒ සදහා තම ආයතනය විසින් අනුමැතිය ලබා දී ඇති බවත් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ඔවුන් දෙදෙනා වෙනුවට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ එක්දින සංචිතයට නම් කර ඇත්තේ Takudzwanashe Kaitano හා Tarisai Musakanda.
ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වූ Blessing Muzarabani ට එක්දින තරගාවලිය ද අහිමි වී තිබෙනවා.
20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත් සිම්බාබ්වේ කණ්ඩායම ඉහළ මානසිකත්වයක් යටතේ අද හරාරේ හී දී ආරම්භ වන එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ඇති.
දෙවැනි එක්දින තරගය එළඹෙන 7 වැනිදා ද, තෙවැනි එක්දින තරගය එළඹෙන 10 වැනිදා ද හරාරේ හී දී ම පැවැත්වීමට නියමිතයි.
Zimbabwe squad:
Regis Chakabva (c), Ryan Burl, Bradley Evans, Luke Jongwe, Innocent Kaia, Takudzwanashe Kaitano, Wesley Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Tony Munyonga, Tarisai Musakanda, Richard Ngarava, Victor Nyauchi, Sikandar Raza, Milton Shumba

