පන්දු යවන්නන් නවසීලන්තයේ ලකුණු 148 රැක ගනියි

Date:

නෙදර්ලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කරමින් තරග 2කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

The Hague හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7 ක් දැවී ලබා ගත්තේ ලකුණු 148 ක් පමණයි.

මාර්ටින් ගප්ටිල් ලකුණූ 45 ක් වාර්තා කළේ පන්දු 36 කින්. ජේම්ස් නීෂම් ලකුණු 32(17) ක් හා ඉෂ් සෝදි ලකුණු 19(10) ක් රැස් කළා.

ඩැරල් මිචෙල් ලකුණු 15 ක් ද, ග්ලේන් පිලිප්ස් ලකුණු 14 ක් ද ලබා ගනිමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන යාමට දායකත්වය දක්වනු ලැබුවා.

පන්දු යැවීමේ දී Logan van Beek හා Shariz Ahmad කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත ඉනිමට අංක 3 පිතිකරු Bas de Leede ගෙන් හැර සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් සැලකිය යුතු දායකත්වයක් ලැබුණේ නැහැ. ඔහු පන්දු 53 කින් ලකුණු 66 ක් ලබා ගත්තා.

නායක Scott Edwards ලකුණු 20(16) යි. අංක 9 පිතිකරු වූ Ryan Klein ලකුණු 11කට දැවී ගිය අතර, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව අභිබවා ගියේ නැහැ.

පන්දු යැවීමේ දී Blair Tickner ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගත්තා. Ben Sears ලකුණු 22 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...