The Hundred පළමු තරගයට ගිනිකෙළිවලින් බලපෑම්

Date:

එංගලන්තයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ඊයේ (4)ආරම්භ වුණා.

පළමු තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වුණේ Welsh Fire හා පසුගියවර ශූරයින් වූ Southern Brave කණ්ඩායම් අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Welsh Fire කණ්ඩායම නියමිත පන්දු 100 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 107 ක් රැස් කළා.

Ben Duckett ලකුණු 40(31) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී ක්‍රෙයිග් ඕවර්ටන් හා ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2 බැගින් බිද හෙලුවා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Southern Brave කණ්ඩායම පන්දු 69 ක් පමණක් වැය කරමින් තරගයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

නායක ජේම්ස් වින්ස් පන්දු 41 කින් ලකුණු 71ක් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායමට කඩුලු 9ක පහසු ජයක් තහවුරු කර දුන්නා.

මෙම සමාරම්භක තරගයේ ආරම්භය මිනිත්තු 7කින් ප්‍රමාද කිරීමට සිදු වීම ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදු වීමක් බවට පත් වුණා.

තරගය ආරම්භයට පෙර සිදු කළ අලංකාර ගිනිකෙළි සංදර්ශන හේතුවෙන් ඇති වූ දුමාරය නිසා එලෙස අදාළ තරගය ආරම්භ වීම ප්‍රමාද වුණා.

තරගය රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද ආරම්භ කෙරුණේ රාත්‍රී 7.07 ටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...