අයර්ලන්තය සමග පැවැත්වෙන තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 21 කින් ජය ගනිමින් තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
එංගලන්තයේ බ්‍රිස්ටල් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 211 ක් ලබා ගනිමින්.
අඛණ්ඩව රැස් කළ සිය 4 වැනි 20යි 20 අර්ධ ශතකය වාර්තා කළ රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 53 කින් ලකුණු 74 ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 10ක් සමගින්.
ඒඩ්න් මාක්‍රම් පන්දු 27කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 56 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් ඇතුළත්. Tristan Stubbs ලකුණු 24 (11) යි.
පන්දු යැවීමේ දී Gareth Delany ලකුණු 31 කට කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 190 ක් පමණයි.
හයේ පහර 5 ක් හා හතරේ පහර 7ක් සමගින් Lorcan Tucker පන්දු 38 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 78 ක්.
George Dockrell ලකුණු 43ක් පන්දු 28කින් රැස් කළා.
පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ්, වේන් පාර්නෙල් හා ටබ්රයිස් ශම්සි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

