ලකුණු 100 ක දැවැන්ත ජයක් සමග ඉන්දියාව අවසන් පූර්ව වටයට

Date:

එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව මෙරට වේලාවෙන් අද(4) අලුයම සමත් වුණා.

ඒ, මූලික වටය යටතේ පැවැති 10 වැනි තරගයෙන් බර්බඩොස් කණ්ඩායම පරදා ලකුණු 100 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බාර්බඩෝස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 62 ක් පමණයි.

මේ අතර, තරගාවලියේ 9 වැනි තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 44 කින් පරාජයට පත් කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව ද, B කාණ්ඩයෙන් එංගලන්තය හා නවසීලන්තය ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...