ඔස්ට්‍රේලියානු හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිවලට අදාළ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
සැප්තැම්බර් 20 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලිය මොහාලි හී දී ආරම්භ වීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.
දෙවැනි හා තෙවැනි 20යි 20 තරග නාග්පූර් හා හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්දු – දකුණු අප්‍රිකා 20යි 20 තරගාවලිය සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා ද, එක්දින තරගාවලිය ඔක්තෝබර් 6 වැනිදා සිට 11 වැනිදා දක්වා ද පැවැත්වීමට නියමිතයි.
තරග කාලසටහන –
India vs Australia :
- 1st T20I – September 20, Mohali
- 2nd T20I – September 23, Nagpur
- 3rd T20I – September 25, Hyderabad
India vs South Africa :
- 1st T20I – September 28, Thiruvananthapuram
- 2nd T20I – October 2, Guwahati
- 3rd T20I – October 4, Indore
- 1st ODI – October 6, Lucknow
- 2nd ODI – October 9, Ranchi
- 3rd ODI – October 11, Delhi

