ආසියානු කුසලානයට හා නෙදර්ලන්ත සංචාරයට පාකිස්තාන සංචිත නම් කෙරේ

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා හා නෙදර්ලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිත නම් කර තිබෙනවා.

මෙතෙක් සීමිත පන්දුවාර ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කර නොමැති 19 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ් සංචිත දෙක සදහාම නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී වෙනුවට ඔහුව සංචිතයට කැදවා තිබෙනවා.

සල්මන් අලී අගා නෙදර්ලන්තයට එරෙහි එක්දින සංචිතයට නම් කිරීමට කටයුතු කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය අද(3) නිවේදනය කළේ.

ශහීන් ශාහ් අෆ්රිඩි සංචිත දෙක සදහාම නම් කර ඇතත්, කණ්ඩායමේ වෛද්‍ය කමිටුව විසින් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය හා පුනරුත්තාපන කටයුතු පිළිබද අඛණ්ඩව අවධානය යොමු කරනු ඇති.

ඒ අනුව ශහීන් අෆ්රිඩිට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණිය හැකි කාලය සම්බන්ධයෙන් ද වෛද්‍ය කමිටුවට සම්බන්ධ නිළධාරීන් තීරණය කිරීමට නියමිතයි.

නෙදර්ලන්තයට එරෙහි එක්දින තරගාවලියට නම් කර ඇති අබ්දුල්ලාහ් ශෆික්, ඉමාම් උල් හක්, මොහමඩ් හැරිස්, සල්මන් අලී අගා හා සහිඩ් මෙහ්මූද් ආසියානු කුසලානය වෙනුවෙන් නම් කර නොමැති අතර, ඔවුන් වෙනුවට ආසියානු කුසලාන 20යි 20 තරගාවලිය සදහා නම් කර ඇත්තේ අසිෆ් අලී, හෙයිදර් අලී, ඉෆ්ටිකාර් අහ්මඩ් හා උස්මාන් කාදීර් යන ක්‍රීඩකයින්.

නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් එක්දින තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් අතර, ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

නෙදර්ලන්තයට එරෙහි එක්දින තරග තුන අගෝස්තු 16, 18 හා 21 යන දිනවලදී නෙදර්ලන්තයේ Rotterdam හී දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන්නේ ලබන 27 වැනිදායි.

Squad for Asia Cup:

Babar Azam (c), Shadab Khan (vc), Fakhar Zaman, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jr, Naseem Shah, Shaheen Afridi, Shahnawaz Dahani, Usman Qadir,

Squad for Netherlands ODIs:

Babar Azam (captain), Shadab Khan (vc), Abdullah Shafique, Fakhar Zaman, Haris Rauf, Imam ul haq, Khushdil Shah, Mohammad Haris, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jr, Naseem Shah, Salman Agha, Shaheen Afridi, Shahnawaz Dahani, Zahid Mehmood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...