BBL Draft : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු කෙටුම්පත් කිරීමට ඉදිරිපත් කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු මේ වන විට නම් කර තිබෙනවා.

රටවල් 13 කින් ක්‍රිඩකයින් 169 දෙනෙකු මේ දක්වා එම ලැයිස්තුවට ඇතුළත්ව ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් අද(3) නිවේදනය කළේ.

ඇෆ්ඝනිස්තානයේ මුජිබ් උර් රහ්මාන් හා දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් ද අද ප්‍රකාශයට පත් කළ නවතම ක්‍රීඩකයින් 71 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු අගෝස්තු 21 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතයි.

අද ඉදිරිපත් කළ නවතම ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අමෙරිකාව යන රටවලින් ද ක්‍රීඩකයින් ඇතුළත්ව සිටිනවා.

සිය මංගල ටෙස්ට් තරගයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 12 ක් දවා ගත් ශ්‍රී ලංකා වමත් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල්, දග පන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ හා ලක්ෂාන් සදකැන් මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...