දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩාට අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ වම් පාදයේ වළලුකර ආබාධයකට ලක්වීම හේතුවෙන්.
හෙට (3) හා එළඹෙන 5 වැනිදා බ්‍රිස්ටල්හී දී පැවැත්වෙන අයර්ලන්තයට එරෙහි 20යි 20 තරගාවලියෙන් පසුව දකුණු අප්‍රිකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.
එම තරගාවලිය එළඹෙන 17 වැනිදා ලෝඩ්ස් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ටෙස්ට් තරගාවලියට පෙර කෙසේ හෝ කාගිසෝ රබාඩාගේ ආබාධ තත්ත්වය සුව කර ගැනීම සදහා මේ වන විට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතිනවා.

