එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම අද(2) සමත් වුණා.
ඔවුන් හමුවේ ලකුණු 26 කින් පරාජයට පත් වූයේ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 167 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට කඩුලු 4 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.

