රබාඩාට අයර්ලන්ත තරගාවලිය අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩාට අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් පාදයේ වළලුකර ආබාධයකට ලක්වීම හේතුවෙන්.

හෙට (3) හා එළඹෙන 5 වැනිදා බ්‍රිස්ටල්හී දී පැවැත්වෙන අයර්ලන්තයට එරෙහි 20යි 20 තරගාවලියෙන් පසුව දකුණු අප්‍රිකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගාවලිය එළඹෙන 17 වැනිදා ලෝඩ්ස් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ටෙස්ට් තරගාවලියට පෙර කෙසේ හෝ කාගිසෝ රබාඩාගේ ආබාධ තත්ත්වය සුව කර ගැනීම සදහා මේ වන විට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...