එක්දින ශූරතාවය ටැමිල් යූනියන් කණ්ඩායමට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම අද (2) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයෙන් යුද හමුදා කණ්ඩායම පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කරමින්.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම පන්දුවාර 49.5 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 198ක් පමණයි.

අසේල ගුණරත්න ලකුණු 59ක් ද (88), මහේෂ් කුමාර ලකුණු 57ක් ද (78), සුමින්ද ලක්ෂාන් ලකුණු 28ක් ද රැස් කළා.

නායක තිසර පෙරේරා, ආරම්භක පිතිකරු අශාන් රන්දික හා අංක 4 පිතිකරු හිමාෂ ලියනගේ ලකුණු නොලබා දැවී යාම යුද හමුදා ඉනිමට දැඩි බලපෑමක් එල්ල කළා.

පන්දු යැවීමේ දී සන්තුෂ් ගුණතිලක හා ඉසුරු උදාන කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අයහපත් කාළගුණය හේතුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටැමිල් යූනියන් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 37 කදී ලකුණු 153ක ඉලක්කයක් හිමි වුණා.

ඔවුන් එම ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 31.2 කදී කඩුලු තුනක් දැවී සිටියදී යි.

සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 58(70) ක්, දිල්රුවන් පෙරේරා ලකුණු 37(55) ක් හා නවෝද් පරණවිතාන ලකුණු 32 (39) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අසංක මනෝජ් ලකුණු 27 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

අවසන් මහා තරගයේ වීරයා ලෙස ටැමිල් යුනියන් කණ්ඩායමේ සධීර සමරවික්‍රම ද තරගාවලියේ වීරයා ලෙස රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...