තෙවැනි 20යි 20ට බංග්ලාදේශ නායකයා නිවේදනය කෙරේ

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට(2) පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස මොසඩෙක් හොසේන් පත් කර තිබෙනවා.

ඒ, සිම්බාබ්වේ තරග සංචාරයේ දී 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස මෙතෙක් කටයුතු කළ නුරුල් හසාන්ට දෙවැනි 20යි 20 තරගයේ දී ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් ඉතිරි තරගවලින් ඉවත් වීමට සිදුව ඇති බැවින්.

දෙවැනි 20යි 20 තරගයේ දී බංග්ලාදේශයේ ජයග්‍රහනය වෙනුවෙන් කඩුලු 5 ක් දවා ගනිමින් මොසඩෙක් හොසේන් සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබුවා.

මේ වන විට තරගාවලිය තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයෙන් පසුවනවා.

මේ අතර, නුරුල් හසාන් වෙනුවට තෙවැනි 20යි 20 තරගය සදහා බංග්ලාදේශ සංචිතයට හිටපු නායක මහ්මුදුල්ලාහ් කැදවීමට ද බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඔහු මීට පෙර 20යි 20 තරගාවලියෙන් විවේක ගන්වා තිබූ අතර, දෙරට අතර ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීම සදහායි මහ්මුදුල්ලාහ් සිම්බාබ්වේ දේශය වෙත පිටත්ව ගොස් තිබුණේ.

ආබාධයට ලක් වූ නුරුල් හසාන් අද දිනයේ දී යළි සියරට බලා පිටත්ව යාමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...