එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.
බාර්බඩෝස් කණ්ඩායම කඩුලු 9කින් පහසුවෙන් පරාජයට පත් කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් අවසන් පූර්ව වටයේ ස්ථානයක් ද වෙන් කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
Edgbaston ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බාර්බඩෝස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 64 ක් පමණයි.
නායිකා Hayley Matthews ලකුණු 18 ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව පසු කර ගියේ නැහැ.
පන්දු යැවීමේ දී Alana King ලකුණු 8කට කඩුලු 4ක් හා Tahlia McGrath ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 8.1 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Alyssa Healy නොදැවී ලකුණු 23 ක් හා නායිකා Meg Lanning නොදැවී ලකුණු 36 ක් වාර්තා කිරීමට සමත් වුණා.

