වනිදුගේ උත්සාහය අපතේ යයි ; යුද හමුදාවට එරෙහිව ටැමිල් යූනියන් අවසන් සටනට

Date:

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ටැමිල් යූනියන් කණ්ඩායම අද(31) සමත් වුණා.

ඒ, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ අද පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් කොළඹ ක්‍රිකට් සමාජය ලකුණු 16 කින් පරාජයට පත් කරමින්.

පළමුව පන්දුවට පහරදුන් ටැමිල් යූනියන් කණ්ඩායම පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 238 ක් රැස් කළා.

සධීර සමරවික්‍රම ලකුණු 74 කට දුවද්දී දැවී ගිය අතර, රොන් චන්ද්‍රගුප්ත ලකුණු 48 ක් හා නායක ධනංජය ද සිල්වා ලකුණු 45 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ ද වනිදු හසරංග ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ක්‍රිකට් සමාජයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 222 ක් පමණයි.

ලක්ෂාන් සදකැන් නොදැවී ලකුණු 62 ක් රැස් කළ අතර, මිනෝද් භානුක ලකුණු 43 ක් ද, පවන් රත්නායක ලකුණු 39 ක් ද ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 51 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

මෙම අවසන් පූර්ව තරගය ඊයේ (30) කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, තණතීරුවේ ගැටලුවක් මත එම තරගය අද දිනයේ දී එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

ඒ අනුව එළඹෙන දෙවැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ටැමිල් යූනියන් කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට එරෙහිවයි.

යුද හමුදා කණ්ඩායම හමුවේ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වූයේ ඒස් කැපිටල් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...