හෙන්ඩ්‍රික්ස්, මාක්‍රම්ගේ ප්‍රහාරය හා ශම්සිගේ කඩුලු 5 හමුවේ දකුණු අප්‍රිකාවට තරගාවලි ජයක්

Date:

එංගලන්තය සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 90 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ ජය තරග 2-1 ක් ලෙස හිමි කර ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද(31) සමත් වුණා.

සවුත්හැම්ටන් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 191ක් ලබා ගත්තා.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය නමුත්, අනතුරුව රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 50 කින් ලකුණු 70 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ, හතරේ පහර 9 ක් සමගින්.

එය ඔහු අඛණ්ඩව වාර්තා කළ තෙවැනි අර්ධ ශතකය වීම ද විශේෂත්වයක්.

රයිලි රොසෝව් ලකුණු 31 (18) ක් ලබා ගත් අතර, නායක ඩේවිඩ් මිලර් ලකුණු 22 (9) යි.

ඒඩ්න් මාක්‍රම් පන්දු 36 කින් නොදැවී ලකුණු 51 ක් රැස් කළා. හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

ජේසන් රෝයි ලකුණු 17 කටත්, නායක ජොස් බට්ලර් ලකුණු 14 කටත්, ජොනී බෙයාර්ස්ටව් ලකුණූ 27කටත්, ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 14කටත් දැවී ගියා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ටබ්රයිස් ශම්සි ලකුණු 24 කට කඩුලු 5ක් දවා ගත්තා.

එංගලන්ත ඉනිමේ දී මොයීන් අලීගේ කඩුල්ල දවා ගැනීමට Tristan Stubbs රැක ගත් සුපිරි උඩ පන්දුව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...