මොසඩෙක්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංග්ලාදේශය 20යි 20 තරගාවලිය සම කරයි

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද (31) සමත් වුණා.

හරාරේ හි පැවැති තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශයට ලකුණු 136ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 17.3ක් අවසානයේ සපුරා ගත්තේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

ලිටොන් දාස් පන්දු 33කින් ලකුණු 56 ක් රැස් කළා. අනමුල් හක් ලකුණු 16කට දැවී ගියා.

අෆිෆ් හොසේන් නොදැවී ලකුණු 30 ක් හා නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී ලකුණු 19 ක් ලබා ගනිමින් බංග්ලාදේශය ජයග්‍රාහී ඉලක්කය වෙත පහසුවෙන් රැගෙන ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 20 තුළ ලකුණු 135 ක් රැස් කළේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

ඔවුන්ගේ පස්වැනි කඩුල්ල ලකුණු 31 දී බිද වැටුණු පසුබිමකයි සිකන්ඩ රාසා පන්දු 53 කින් ලකුණු 62 ක් වාර්තා කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ.

Ryan Burl ලකුණු 32 ක් හා Luke Jongwe නොදැවී ලකුණු 11 ක් රැස් කළා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොසඩෙක් හොසේන් ලකුණු 20 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...