එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
A කාණ්ඩය යටතේ මෙම තරගය පැවැති අතර, ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ පාකිස්තාන කණ්ඩායමයි.
වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 18 කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 18 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 99 ක්.
Muneeba Ali ලකුණු 32 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Sneh Rana හා Radha Yadav කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 11.4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Smriti Mandhana පන්දු 42 කින් නොදැවී ලකුණු 63 ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

