කොදෙව්වන්ට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පසුගිය සිකුරාදා (29) ට්‍රිනිඩෑඩ්හි පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.

නියමිත කාලය අවසන් වන විට ඔවුන්ට එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට නොහැකි වී ඇති බවත්, ඒ අනුව තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවා ඇති බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

අයි.සී.සී තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් මෙම දඩ නියම කිරීම සිදු කර තිබෙනවා.

කොදෙව් නායක නිකලස් පූරාන් විසින් වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...