ඇෆ්ඝනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පසුගිය සිකුරාදා (29) සිදු වූ බෝම්බ පිපිරීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලීසිය මේ වන විට තහවුරු කර තිබෙනවා.
Shpageeza ප්‍රිමියර් ලීග් 20යි 20 තරගාවලිය යටතේ පැවැති තරගයක් අතරතුර දී යි මෙම පිපිරීම සිදුව තිබුණේ.
ප්‍රේක්ෂකාගාරයේ මෙම පිපිරීම සිදුව තිබූ අතර, තුවාල ලැබූ ප්‍රේක්ෂකයින් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බවත්, කිසිදු පුද්ගලයෙකු මිය ගොස් නොමැති බවත් මීට පෙර බළධාරීන් විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.
පිපිරීමෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට හෝ ක්‍රීඩකයින්ට අනතුරක් සිදුව නැහැ.
පිපිරීම හේතුවෙන් තරගය යම් කාලසීමාවක් නතර කිරීමට ද සිදුව තිබූ අතර, පසුව පොලීසිය විසින් තරගය යළි ආරම්භ කිරීම සදහා සුදුසු වාතාවරණයක් සකස් කර දීමටයි පියවර ගැණුනේ.
ප්‍රහාරයට සම්බන්ධ වූවන් සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

