සිම්බාබ්වේ සංචාරයේදීත් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ධවාන්ට ; චහාර්ට යළි කැදවීමක්

Date:

එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

නිත්‍ය නායක රෝහිට් ෂර්මා මෙම තරගාවලියෙන් ද විවේක ගැන්වීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ වමත් ආරම්භක පිතිකරු ශිකර් ධවාන් මෙම තරගාවලියේ දී ද ඉන්දියාව මෙහෙයවීමට නියමිතයි.

ආබාධයකට ලක්ව සිටි දීපක් චහාර් මෙන්ම වොෂින්ටන් සුන්දර් ද ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

රාහුල් ත්‍රිපාති ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති නමුත්, ආබාධයකට ලක්ව සිටි කේ.එල් රාහුල් මෙම තරගාවලියට ද නම් කර නැහැ.

රිෂාබ් පාන්ට්, හර්ඩික් පාන්ඩ්යා, විරාට් කෝලි, ජස්ප්‍රිට් බුම්රා හා රවීන්ද්‍ර ජඩේජා වැනි ක්‍රීඩකයින් ද මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

තරග 3කින් යුත් එක්දින තරගාවලිය අගෝස්තු 18 වැනිදා හරාරේ හී දී ආරම්භ වීමට නියමිතයි.

India Squad :

Shikhar Dhawan (Capt), Ruturaj Gaikwad, Shubman Gill, Deepak Hooda, Rahul Tripathi, Ishan Kishan (wk), Sanju Samson (wk), Washington Sundar, Shardul Thakur, Kuldeep Yadav, Axar Patel, Avesh Khan, Prasidh Krishna, Mohd Siraj, Deepak Chahar.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...