CWG 2022 Update : ශ්‍රී ලංකාව පළමු පදක්කම හිමි කර ගනියි

Date:

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ දී සිය පළමු පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව අද දහවල් සමත් වුණා.

පිරිමි කිලෝ ග්‍රෑම් 55 බර පංතිය යටතේ බර එසවීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට එලෙස ලෝකඩ පදක්කමක් හිමි කර දීමට සමත් වුණේ දිලන්ක ඉසුරු කුමාර ක්‍රීඩකයායි.

ඔහු Snatch ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 105 ක් ද, Clean & Jerk ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 120 ක් ද එසවීමට සමත් වුණා.

ඒ අනුව දිලන්ක ඉසුරු කුමාර ඔසවනු ලැබූ සමස්ත බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 225 ක්.

මැලේසියාවේ MOHAMAD ANIQ එහි රන් පදක්කමත්, ඉන්දියාවේ Mahadev SARGAR එහි රිදී පදක්කමත් හිමි කර ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලෝකඩ පදක්කමක් සමගින් පදක්කම් සටහනේ 10 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...