ශ්‍රී ලංකාව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට

Date:

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අද ලැබූ ලකුණු 246 ක විශිෂ්ඨ ජයත් සමග අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ගාල්ලේ පැවැති තරගාවලියේ පළමු තරගයෙන් පාකිස්තානය ලකුණු 342 ඉලක්කයක් සාර්ථකව හඹා ගොස් විශිෂ්ඨ ජයක් ලැබීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පාකිස්තානය සමත් වුණා.

ඒ, එතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානය දක්වා ඇද දමමින්.

කෙසේ වෙතත්, අද ලැබූ ජයත් සමග ශ්‍රී ලංකාව යළිත් වරක් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ 53.33% ජයග්‍රහන ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.

5 වැනි ස්ථානය දක්වා ඇද වැටුණු පාකිස්තානයේ ජයග්‍රහන ප්‍රතිශතය 51.85% ක්.

71.43% ජයග්‍රහන ප්‍රතිශතයක් හිමි කර ගෙන සිටින දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, 70% ජයග්‍රහන ප්‍රතිශතයක් හිමි ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

52.08% ජයග්‍රහන ප්‍රතිශතයක් සමගින් ඉන්දියාව සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගාවලිය නවසීලන්තයට එරෙහිව එරට දී පැවැත්වීමට නියමිතයි.

ලබන මාර්තු 9 වැනිදා නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මාර්තු 17 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වෙලින්ටන් හී දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...