ලකුණු 246 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

Date:

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 246ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් වුණා.

ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (28) දිනයේ දී සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 508 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 261 ක් පමණයි.

නායක බාබර් අසාම් ලකුණු 81 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා.

ආරම්භක පිතිකරු අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 16 කට ඊයේ දැවී ගියා.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස ඉමාම් උල් හක් ලකුණු 49කට දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

අනතුරුව බාබර් අසාම් හා මොහමඩ් රිස්වාන් අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නගුණු සබදතාවය ලකුණු 79 ක්.

රිස්වාන් ලකුණු 37 කට දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් නිදැල්ලේ යැවීමට ගත් උත්සාහයේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

පසුව පාකිස්තාන ඉනිමේ බිඳ වැටීම ආරම්භ වුණා. ෆවඩ් අලාම් එක් ලකුණකට දුවද්දී දැවී ගිය අතර, අගා සල්මාන් ලකුණු 4 කට දැවී ගියා.

මොහමඩ් නවාස් ලකුණු 12 යි. යසීර් ශාහ් ලකුණු 27ක් රැස් කළා.

යළිත් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ  ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් දවා ගත් අතර, රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 378 ක් රැස් කළා.

පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 231 ක්.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 360 ක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...