Watch : ෆවඩ්ගේ අවාසනාවන්ත දුවද්දී දැවී යාම හා මෙන්ඩිස්ගේ සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය මේ වන විට ගාල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 508 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 89 ක් ලබා සිටි අතර, දිවා ආහාරයට පෙර පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 4 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු සිය කණ්ඩායම වෙත හිමි කර ගනිමින්.

එම කඩුලු අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ ෆවඩ් අලාම්ගේ දුවද්දී දැවී යාමයි.

පන්දු යවන අන්තයේ සිටි නායක බාබර් අසාම් සමග ඇති වූ සන්නිවේදනයේ දුර්වලතාවය හේතුවෙනුයි ෆවඩ් අලාම්ට දුවද්දී දැවී යාමකට හසු වීමට සිදු වුණේ.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව අගා සල්මාන් ලකුණු 4 කට දැවී ගියා. ඒ, ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 378 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස පාකිස්තානය පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 231 ක්.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 360 ක් ලබා සිටියදීයි.

අද දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා සිටියා.

ෆවඩ් අලාම්ගේ දුවද්දී දැවී යාම හා කුසල් මෙන්ඩිස් රැක ගත් සුපිරි උඩ පන්දුව පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...