තවත් රටවල් තුනකට ICC සාමාජිකත්වය

Date:

තවත් රටවල් 3ක් සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් සිය සාමාජිකත්වය පිරිනමා තිබෙනවා.

මෙම දිනවලදී එංගලන්තයේ බර්මිංහැම්හී දී පැවැත්වෙන අයි.සී.සී වාර්ෂික රැස්වීමේ දී යි මෙම සාමාජිකත්වය පිරිනමා ඇත්තේ.

ඒ අනුව කාම්බෝජය හා උස්බෙකිස්ථානය යන ආසියානු රටවල් දෙක සදහා හා අප්‍රිකාවේ කෝට් දි අයිවරි (Cote D’Ivoire) හෙවත් අයිවර් කෝස්ට් රාජ්‍ය සදහා අයි.සී.සී සාමාජිකත්වය පිරිනමා තිබෙනවා.

ඒ අනුව මේ වන විට අයි.සී.සී සාමාජික රටවල් ගණන 108 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊට ආසියානු රටවල් 25 ක් හා අප්‍රිකානු රටවල් 21 ක් ඇතුළත්.

මේ අතර, රට තුළ ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරක්ෂිතව නැවත ආරම්භ කිරීමට හැකි වන තුරු අයි.සී.සී සාමාජිකත්වය යුක්රේනයට ලබා දීම ප්‍රමාද කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...