එංගලන්ත – දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සමව අවසන් වෙයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා.

ඒ, දෙරට අතර ලීඩ්ස් හි හීඩින්ග්ලි ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින තරගය මෙරට වේලාවෙන් ඊයේ (24) රාත්‍රියේ දී වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ බැවින්.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දකුණු අප්‍රිකා ඉනිමේ 21 වැනි පන්දුවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා කර තරගය යළි ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත්, පන්දුවාර 27.4 ක් අවසානයේ දී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට දකුණු අප්‍රිකාව කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 159 ක්. ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 92යි.

පසුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව තරගය ප්‍රතිපලයකින් තොරවයි අවසන් කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...