ආසියානු කුසලානය හා ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රිකට් ආයතනයෙන් පෙරහුරු තරගාවලියක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 9 වැනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (24) නිවේදනය කළා.

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් සූදානම් කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධාන කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගනු ලබන ජාතික හා පළමු පෙල ක්‍රීඩකයින් 60 දෙනෙකු මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිය සදහා කණ්ඩායම් 4 ක් එක්වීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

පළමු වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් තරගය සදහා සුදුසුකම් ලබන අතර, අවසන් තරගය අගෝස්තු 16 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...