දුනිත්ට ටෙස්ට් වරම් ; ශ්‍රී ලංකාවෙන් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

Date:

ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පාකිස්තානයට එරෙහිව හෙට (24) ගාල්ලේදී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ වෙනුවට‍යි ඔහුව කණ්ඩායමට නම් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නා 162 වැනි ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේ ඉතිහාසයට එක්වනු ඇති.

මේ අතර, හෙට තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් අවසන් ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද කැදවා ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට පෙරවරු 10 ට ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...