දකුණු අප්‍රිකාව 83 ට දැවී යාමත් සමග එංගලන්තයට දැවැන්ත ජයක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 118 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට එංගලන්තය මෙරට වේලාවෙන් අද(23) අලුයම සමත් වුණා.

මැන්චෙස්ටර්හි පැවැති මෙම තරගයට වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 29 කට සීමා කෙරුණා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 28.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 201 ක්.

ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 38 (26) ක් ද, සෑම් කරන් ලකුණු 35 (18) ක් ද, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 28 (27) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස් කඩුලු 4ක් දවා ගත්තේ පන්දුවාර 6 කදී ලකුණු 36 ක් ලබා දෙමින්. අන්රිච් නොකියා හා ටබ්රයිස් ශම්සි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 83ක් පමණයි.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 5 කට දැවී ගිය අතර, ඔහු සමග ඉනිම ආරම්භ කළ ජනෙමන් මලාන්, අංක 3 පිතිකරු වූ රසී වැන් ඩර් ඩුසේන්, අංක 4 පිතිකරු වූ ඒඩ්න් මාක්‍රම් ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුණා.

ඉනිමේ පළමු කඩුලු 4 දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 6ක් ලෙස සටහන්ව තිබියදීයි.

හෙන්රිච් ක්ලාසීන් ලකුණු 33 (40) ක් ද, ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 17 (25) ක් ද, ඩේවිඩ් මිලර් ලකුණු 12 (13) ක් ද රැස් කළා. නායක කේෂාව් මහරාජ් එක් ලකුණකට දැවී ගියා.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් පන්දුවාර 6කදී ලකුණු 29 කට කඩුලු 3ක් දවා ගත් අතර, රීස් ටොප්ලි හා මොයීන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...