බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම මෙරට වේලාවෙන් අද(23) අලුයම සමත් වුණා.
තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට ලකුණු 309 ක ඉලක්කයක් හිමි වූ අතර, එම ලකුණු ප්‍රමාණය හඹා ගිය කොදෙව්වන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා ගනිමින්.
ඉනිමේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 15ක් අවශ්‍ය වූ අතර, මොහමඩ් සිරාජ් විසින් එම පන්දුවාරය යොමු කරනු ලැබුවා.
එම පන්දුවාරයට මුහුණ දුන් අකීල් හොසේන්ට හා රොමාරියෝ ෂෙපර්ඩ්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 11ක් පමණයි.
කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්යල් මේයර්ස් ලකුණු 75 (68) ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 10ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 54 (66) ක් ද, ශමාර් බෘෘක්ස් ලකුණු 46 (61) ක් ද රැස් කළා. අකීල් හොසේන් නොදැවී ලකුණු 32 ක් ලබා ගත් අතර, රොමාරියෝ ෂෙපර්ඩ් නොදැවී ලකුණු 39යි.
පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ්, ශර්දුල් තාකූර් හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ට්‍රිනිඩෑඩ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 308 ක් රැස් කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.
නායක ශිකර් ධවාන් ලකුණු 97කට අවාසනාවන්ත ලෙස දැවී ගියා. පන්දු 99කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.
ෂුබ්මන් ගිල් ලකුණු 64 ක් ද, ෂ්රෙයස් අයියර් ලකුණු 54 ක් ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් හා Gudakesh Motie කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන ඇත්තේ ඉන්දියාවයි.
— cric fun (@cric12222) July 23, 2022

