එංගලන්ත හිටපු මැදපෙල පිතිකරුවා ඇෆ්ඝනිස්තානයේ ප්‍රධාන පුහුණුකරු තනතුරට

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජොනතන් ට්‍රොට් පත් කර තිබෙනවා.

අගෝස්තු  මාසයට යෙදී ඇති අයර්ලන්ත තරග සංචාරයේ සිට 41 හැවිරිදි ඔහු අදාළ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දකුණු අප්‍රිකාවේ උපන් ජොනතන් ට්‍රොට් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්නේ 2018 වසරේ දී යි.

අනතුරුව ඔහු එංගලන්ත ජාතික කණ්ඩායමේ, එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ මෙන්ම ස්කොට්ලන්ත කණ්ඩායමේ ද විවිධ පුහුණුකාර තනතුරු දරනු ලැබුවා.

පසුගිය මාර්තු මස අගදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්තයේ ග්‍රැහැම් තෝර්ප් පත් කළ නමුත්, ඔහු පසුගිය මැයි මාසයේ දී දරුණු ලෙස අසනීප තත්ත්වයකට ගොදුරු වූ බැවින් මෙම තනතුර භාර ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...