ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජොනතන් ට්‍රොට් පත් කර තිබෙනවා.
අගෝස්තු මාසයට යෙදී ඇති අයර්ලන්ත තරග සංචාරයේ සිට 41 හැවිරිදි ඔහු අදාළ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
දකුණු අප්‍රිකාවේ උපන් ජොනතන් ට්‍රොට් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්නේ 2018 වසරේ දී යි.
අනතුරුව ඔහු එංගලන්ත ජාතික කණ්ඩායමේ, එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ මෙන්ම ස්කොට්ලන්ත කණ්ඩායමේ ද විවිධ පුහුණුකාර තනතුරු දරනු ලැබුවා.
පසුගිය මාර්තු මස අගදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්තයේ ග්රැහැම් තෝර්ප් පත් කළ නමුත්, ඔහු පසුගිය මැයි මාසයේ දී දරුණු ලෙස අසනීප තත්ත්වයකට ගොදුරු වූ බැවින් මෙම තනතුර භාර ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

