ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව ඉන්දීය සංචාරයක

Date:

ඔස්ට්‍රේලියානු හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී ඉන්දීය තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

සැප්තැම්බර් 20 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා අතර කාලයේ දී එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලි ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර මෙම රටවල් තුන ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගාවලි වනු ඇති.

ඉන්දු – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය සැප්තැම්බර් 20, 23 හා 25 යන දිනවලදී මොහාලි, නාග්පූර් හා හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දු – දකුණු අප්‍රිකා 20යි 20 තරගාවලිය සැප්තැම්බර් 28, ඔක්තෝබර් 1 හා 3 යන දිනවලදී පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය ඔක්තෝබර් 6, 9 හා 11 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...