රාහුල්ට කොරෝනා ආසාදනය වෙයි

Date:

ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල් රාහුල්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ, ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලියට පෙර සුදුසු ශාරීරික යෝග්‍යතාවය ළගා කර ගැනීමේ උත්සාහයක ද නිරත වෙමින් සිටින පසුබිමකයි.

ජූලි 29 වැනිදා එම තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇති අතර, ඊට පෙර අද දිනයේ දී දෙරට අතර එක්දින තරගාවලිය කොදෙව් දූපත් හී දී ආරම්භ වීමට නියමිතයි.

පසුගිය මාසයේ දී කේ.එල් රාහුල් ජර්මනියේ දී ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. ඒ අනුව ඔහුව එක්දින තරගාවලියෙන් විවේක ගැන්වීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ.

කෙසේ වෙතත්, කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔහුට 20යි 20 තරගාවලිය අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...