ශහීන් අෆ්රිඩි දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී ඔහු මුහුණ දුන් දණහිසක ආබාධයක් හේතුවෙන්.

කෙසේ වෙතත්, ඔහු තවදුරටත් පාකිස්තාන සංචිතය සමග ශ්‍රී ලංකාවේ රැදී සිටින බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කණ්ඩායමේ වෙද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ ඔහුගේ ආබාධය සුව කර ගැනීමේ මූලික පුනරුත්ථාපන කටයුතු සිදු වනු ඇති.

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ අෆ්රිඩි ලකුණු 58 කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අතර, ආබාධයකට ලක්වීම හේතුවෙන් දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂනට ද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ නිවේදනය කළා.

ඔහුගේ දකුණු අතේ ඇගිල්ලක් ආබාධයකට ලක්ව ඇති බවත්, මහීෂ් තීක්ෂන වෙනුවට ලක්ෂිත මනසිංහ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර ඇති බවත්, ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයෙන් ජය ගත් පාකිස්තානය මේ වන විට තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...