ආසියානු කුසලානයේ සත්කාරක රට ගංගුලි නිවේදනය කරයි

Date:

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි අද(21) සදහන් කළා.

එරට ක්‍රිකට් පාලක මණ්ඩල රැස්වීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලනික අර්බුදය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය මෙරට දී පැවැත්වීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආසියානු ක්‍රිකට් කවුන්සලය වෙත මීට පෙර දැනුම් දී තිබුණා.

ඒ අනුව 20යි 20 තරගාවලියක් ලෙස මෙවර පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

ඊට පෙර ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ද අගෝස්තු 20 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබනවා.

ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවල් නිතරගයෙන්ම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ද කල් දැමීමට තීරණය කළේ මෙරට පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...