පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්ව සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද (19) නිවේදනය කෙරුණා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

එංගලන්තයේ බර්මිංහැම් හී දී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්වේ දී ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග කිරීමට නියමිතයි.

මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ එංගලන්තය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව යන රටවල්.

එංගලන්තයට එරෙහි තරගය ජූලි 30 වැනිදා ද, නවසීලන්තයට එරෙහි තරගය අගෝස්තු දෙවැනිදා ද, දකුණු අප්‍රිකාවට එරෙහි තරගය අගෝස්තු 4 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය –

1. Chamari Athapaththu – (C)
2. Hasini Perera
3. Harshitha Samarawickrama
4. Vishmi Gunaratne
5. Malsha Shehani
6. Nilakshi de Silva
7. Kavisha Dilhari
8. Ama Kanchana
9. Achini Kulasuriya
10. Inoka Ranaweera
11. Udeshika Prabodhani
12. Sugandika Kumari
13. Rashmi de Silva
14. Oshadi Ranasinghe
15. Anushka Sanjeewani

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...