පැතුම් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කෙරේ

Date:

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටි පැතුම් නිස්සංක සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

විවේක ගැනීමට හා සුදුසු ශාරීරික යෝග්‍යතාවය ලඟාකර ගැනීම සදහා අවස්ථාව ලබාදෙමින් ඔහුව සංචිතයෙන් නිදහස් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පාකිස්ථානයට එරෙහි ටෙස්ට් සංචිතයට ඔහු ඇතුළත්ව සිටිය ද මේ දිනවල ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පැතුම් නිස්සංක ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ, ඕස්ට්‍රේලියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

ඔහු වෙනුවට ක්‍රීඩකයකු ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...