දැවැන්ත හඹා යාමකට පාකිස්තානයෙන් සාර්ථක ආරම්භයක්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(19).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 342 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 68 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන ඉමාම් උල් හක් ලකුණු 25ක් හා අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 41 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 329 ක් ලබා සිටියා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අවසන් වුණේ සියලු දෙනා දැවී ලකුණු 337 ක් ලෙස සටහන්ව තිබියදීයි.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රහාත් ජයසූරිය ලකුණු හතරකට දැවී ගියා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 76 ක් ද, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී මොහමඩ් නවාස් කඩුලු 5ක් සහ යසීර් ශාහ් කඩුලු 3 ක් බිද හෙලුවා.

ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 222 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්ථානය සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 218 ක්.

ඒ් අනුව තරගය ජය ගැනීම සදහා පාකිස්තානය තවත් ලකුණු 274 ක් ලබා ගත යුතුයි.

Update :

දිවා ආහාරයෙන් පසුව ඉමාම් උල් හක් ලකුණු 35කට දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...