පාකිස්තානයට 342ක ජයග්‍රාහී ඉලක්කයක්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 342 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දී සියලු දෙනා දැවී ලකුණු 337 ක් රැස් කිරීමත් සමගයි.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94 ක් ලබා ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රහාත් ජයසූරිය ලකුණු හතරකට දැවී යාමත් සමඟයි චන්දිමාල්ට සිය ටෙස්ට් දිවියට තවත් ශතකයක් එක් කර ගැනීමේ අවස්ථාව අහිමි වී ගියේ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 76 ක් ද ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී මොහමඩ් නවාස් කඩුලු 5ක් සහ යසීර් ශාහ් කඩුලූ 3 ක් බිද හෙලුවා.

ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු  222 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස පාකිස්ථානය සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 218 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...